චීනයේ මිනිස් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 5කට සිර දඬුවම්

චීනයේ මිනිස් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 5කට සිර දඬුවම්

මිනිස් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයින් 5 දෙනෙකුට චීන අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් පැහැරගෙන ගොස් ඔවුන්ට වධ හිංසා පැමිණවීම සහ විවිධ අපචාර ක්‍රියාවන්ට යොමු කරවීම සම්බන්ධයෙන් අදාළ පිරිසට චෝදනා එල්ල වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වරදකරුවන් කරනු ලැබූ පුද්ගලයින්ට වසර 13 ක කාලයක් දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

Share This