චීනයේ වසර තුනක් අත්අඩංගුවේ පසුවූ ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

චීනයේ වසර තුනක් අත්අඩංගුවේ පසුවූ ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබෙනවා.

ඔත්තු බැලීමේ චෝදනාව මත ඇය වසර තුනකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇයගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් Cheng Lei ගේ පවුලේ අය සහ මිතුරන් පමණක් නොව සියලුම ඕස්ට්‍රේලියානුවන්ද සතුටට පත්වන බවයි ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී ඇත්තේ.

නිවේදිකාවක සහ දෙදරු මවක් වන Cheng, නීතිවිරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන් වෙත ලබාදීමේ චෝදනාවට ලක් වූ අතර, එය වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This