චීනයේ ව්‍යායාම ශාලාවක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට

චීනයේ ව්‍යායාම ශාලාවක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට

චීනයේ ඊසාන දිග Heilongjiang පළාතේ තවත් ව්‍යායාම ශාලාවක් කඩා වැටීමෙන් පසු එරට ජනතාව අන්තර්ජාලය හරහා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා

මාස කිහිපයක් තුළ සිදුවූ දෙවන අනතුර මෙයයි

ඊයේ (06) රාත්‍රියේ මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර එම අවස්ථාවේ ළමුන් ව්‍යායාම් ශාලාව තුළ සිටි බවටයි වාර්තා වී ඇත්තේ

විපතට පත් වූවන්ගේ තොරතුරු තවමත් හෙළි කර නැහැ

දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා

බලධාරීන් පැවසුවේ ඔවුන් ව්‍යායාම ශාලාව භාරව සිටි පුද්ගලයෙකු රඳවාගෙන ඇති අතර දෙවන මහල කඩා වැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි

පසුගිය ජුලි මාසයේදීද කිකිහාර් නගරයේ පාසල් ව්‍යායාම ශාලාවක කොන්ක්‍රීට් වහලය දින කිහිපයක අධික වර්ෂාවෙන් පසු කඩා වැටුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This