චීනයේ විදේශ අරමුදල් සපයන සමාගම් සඳහා විවෘත කිරීම් පුළුල් කරන බවට චීන අගමැතිගෙන් සහතිකයක්

චීනයේ විදේශ අරමුදල් සපයන සමාගම් සඳහා විවෘත කිරීම් පුළුල් කරන බවට චීන අගමැතිගෙන් සහතිකයක්

ජාත්‍යන්තර පරිසරය කෙසේ වෙනස් වුවද චීනය බාහිර ලෝකයට පුළුල් ලෙස දොරටු විවර කරන බව චීන අගමැති Li Qiang මහතා පවසනවා.

හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගී වන ගැනුම්කරුවන් ඇතුළු සෙසු නියෝජිතයන් සමඟ ඊයේ (4) පැවති රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්ව සිටි විදෙස් ව්‍යවසායකයන් චීන වෙළඳපොළ පිළිබඳව සුභවාදී අදහස් පළ කළ අතර ඔවුන් තම චීනය තුළ ආයෝජන ඉහළ දැමීමට සූදානම් බවයි දැනුම්දී ඇත්තේ.

චීනය අඛණ්ඩව වෙළඳපල ප්‍රවේශය ලිහිල් කරන බව පෙන්වාදුන් චීන අගමැතිවරයා විදුලි සංදේශ, අධ්‍යාපනය, සංස්කෘතිය සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි අංශවල විවෘත කිරීම් ක්‍රමානුකූලව පුළුල් කරන බව සඳහන් කර තිබෙනවා.

ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව වැඩිදියුණු කිරීමටත්, අනෙකුත් ක්ෂේත්‍ර අතර නිෂ්පාදන සාධක, සුදුසුකම් බලපත්‍ර ලබා දීම සහ රජයේ ප්‍රසම්පාදන සඳහා සහභාගී වීමට සමාන අවස්ථා ලබා දෙන බවටයි ඔහු මෙහිදී සහතික වී ඇත්තේ.

චීනය විදේශ ව්‍යවසායන් සඳහා අපනයන ගමනාන්තයක් පමණක් නොව ආයෝජන සහ ව්‍යවසායකත්වයේ දේශයක් බවට පත් වනු ඇතැයි ද Li Qiang මහතා මෙහිදී විශ්වාසය පළ කළ බව චීන මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම චීන සහ විදේශීය ව්‍යවසායකයින් ආර්ථික ගෝලීයකරණයට ස්ථිර ලෙස සහයෝගය දක්වමින්, ලෝක ආර්ථිකය සඳහා නව වර්ධනීය අවස්ථා පෝෂණය කිරීමට එක්ව කටයුතු කරනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කර ඇති බව සඳහන්.

Share This