චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවයි

චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවයි

චීන ජාතික විදේශ විනිමය පරිපාලනය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය මාර්තු මාසයේ අවසානය වන විට චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇ.ඩො. ට්‍රිලියන 3.24ක්ව පවතිනවා.

එය පෙබරවාරි මාසය හා සැසඳීමේදී 0.42%ක වර්ධනයක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවා ඇති බවත් නවතම වාර්තාවන්හි දැක්වෙනවා.

මේ අනුව චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙසට ස්ථාවරව පවතින බවත් ඒ හරහා රට තුළ උසස් ගුණාත්මක සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කෙරෙන බව චීන වාර්තාවල සඳහන්.

මෙම තත්ත්වය විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහායක් බව, චීන ජාතික විදේශ විනිමය පරිපාලනය ද පෙන්වා දී තිබෙනවා.

Share This