චීනයේ සාම සැළැස්මට බෙලරුස් නායකයාගේ සහය

චීනයේ සාම සැළැස්මට බෙලරුස් නායකයාගේ සහය

රුසියාවේ ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකු වන චීන ජනාධිපතිවරයා සහ බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බීජිං හි පැවති සාකච්ඡාවලින් අනතුරුව සාමකාමී යෝජනාවක් පිළිබඳව යුක්‍රේනය වෙනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

යුක්‍රේනයේ පවතින යුද්ධය අවසන් කිරීමේ බීජිං සැලැස්මට තම රට “පූර්ණ සහයෝගය” දෙන බවයි බෙලරුස් නායකවරයා සඳහන් කර තිබෙන්නේ

ජාතික ස්වෛරීභාවයට ගරු කරන ලෙස ඉල්ලා චීනය පසුගිය සතියේ සාම සාකච්ඡා සඳහා සැලැස්මක් නිවේදනය කළා

බෙලරුස් නායකයා චීනයේ සාම සැලැස්ම පැසසුමට ලක් කර ඇති අතර කරුණු 12 කින් යුත් එම ලේඛනයේ සියලු රටවල ස්වෛරීත්වයට ගරු කරන ලෙස ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියාව යුක්‍රේනයේන් සිය හමුදා ඉවත් කර ගත යුතු යැයි විශේෂයෙන් සඳහන් කර නොමැති අතර බටහිර රටවලින් නිකුත් කළ ඒකපාර්ශ්වික සම්බාධක භාවිතය හෙළා දැක තිබෙනවා.

එමෙන්ම එහි ඉදිරිපත් කර ඇති ජාත්‍යන්තර ආරක්ෂාවට මුලපිරීම සඳහා තමා සම්පුර්ණයෙන්ම සහාය දෙන බව බෙලරුස් නායකයා පවසනවා

කෙසේවෙතත් චීනයේ සාම සැලැස්ම බටහිර රටවල අවිශ්වාසයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

Share This