චීනයේ Chang’e 6 සඳේ අඳුරු කලාපයට ගොඩබස්වයි

චීනයේ Chang’e 6 සඳේ අඳුරු කලාපයට ගොඩබස්වයි

චීන අභ්‍යවකාශ යානයක් ඊයේ(02) චන්ද්‍රයා මතට ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Chang’e 6 යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබා ඇත්තේ සඳේ අඳුරු කලාපයට බව සඳහන්.

සඳේ අඳුරු කලාපය ලෙස හඳුන්වන්නේ සෑමවිටම පෘථිවියට පිටුපා ඇති අඳුරු කොටසයි.

චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ සාම්පල එකතු කිරීම සඳහා මෙතෙක් අඩුවෙන් ගවේෂණය කළ කලාපයක් වෙත මෙම ගොඩබැසීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනේ.

මෙම යානය චීන සඳ දෙවඟනකගේ නමින් නම් කර ඇති Chang’e සඳ ගවේෂණ වැඩසටහනේ හයවන මෙහෙයුමයි.

චීනයේ මෙම මෙහෙයුම සාර්ථක වුණොත්, සඳෙන් පස් සාම්පල පෘථිවියට ගෙන්වා ගන්නා තෙවැනි රට බවට චීනය පත්වනවා.

Share This