චීනය – ඕස්ට්‍රේලියාවට පනවා තිබූ බාර්ලි තීරුබදු ඉවත් කරයි

චීනය – ඕස්ට්‍රේලියාවට පනවා තිබූ බාර්ලි තීරුබදු ඉවත් කරයි

වසර තුනකට පසු චීනය විසින් ඕස්ට්‍රේලියාවට පනවා තිබූ බාර්ලි තීරුබදු ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව හෙට (05) සිට තීරුබදු ඉවත් කරන බවයි චීන වාණිජ අමාත්‍යාංශය පැවසුවේ.

2020 වසරේ දී චීනය විසින් අපනයන සඳහා අධික තීරුබදු පැනවීමත් සමග ඕස්ට්‍රේලියාවේ වයින් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වුණා

එමෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව මෙම සතියේ චීනයේ නව විදේශ අමාත්‍යවරයාට එරටට පැමිණෙන ලෙස ද ආරාධනා කර ඇති බව සඳහන්.

Share This