චීනය තායිවානය වටා හමුදා අභ්‍යාසයක

චීනය තායිවානය වටා හමුදා අභ්‍යාසයක

චීනය තායිවානය වටා දින දෙකක යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ස්වයං පාලන දිවයිනේ “බෙදුම්වාදී ක්‍රියා” සඳහා “ප්‍රබල දඩුවම්” ලෙස චීන හමුදාව විසින් එය හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අභ්‍යාස පැවැත්වෙන්නේ දිවයිනට තර්ජනය කිරීම නතර කර එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටි ජනාධිපති විලියම් ලායිගේ පදවි ප්‍රාප්තියෙන් දින තුනකට පසුවයි.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය, චීන අභ්‍යාස “අතාර්කික ප්‍රකෝප කිරීම්” ලෙස හෙළා දක්වා තිබෙනවා.

Share This