චීනය නිසා පිලිපීනයත් ආරක්ෂක මෙහෙයුම් දැඩි කරයි

චීනය නිසා පිලිපීනයත් ආරක්ෂක මෙහෙයුම් දැඩි කරයි

දකුණු චීන මුහුදේ සිදු කරන හමුදාමය ක්‍රියාකාරකම් පුළුල් කරන ලෙස පිලිපීන රජය එරට හමුදාවට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, අදාළ මතභේදාත්මක මුහුදු කලාපය තුළ සිදු කරන චීන ක්‍රියාකාරකම් හේතුවෙන් මතුව ඇති තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

ඒ අනුව පිලිපීනයේ බටහිර මුහුදු සීමාව තුළ මැදිහත්වීම් දැඩි කිරීමටත්, Pag – asa දූපත ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කිරීමටත් පිලිපීන රජය සිය හමුදාවට උපදෙස් ලබා දි ඇතැයි සඳහන්.

පිලිපීනය මෙලෙස සිය මුහුදු කලාපයේ ආරක්ෂක තහවුරු කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළේ ඉකුත්දා චීනය විසින් මතභේදාත්මක දකුණු චීන මුහුදු සීමාවේ දූපත් ආශ්‍රිතව සිදු කළ ඉදිකිරීම් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

චිනයේ එම ක්‍රියාකාරකම් පිලිපීනය ද හිමිකම් කියන Pag – asa දූපතේ ආරක්ෂාවට තර්ජනයක් බව පිලිපීනය පවසනවා.

එබැවින් ජාත්‍යන්තර නීති පද්ධතිය අනුගමනය කරන ලෙස ද පිලිපීනය චීනයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මතභේදාත්මක දූපත් කලාපය තුළ සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් පිලිපීනය එල්ල කරන චෝදනා, චීනය විසින් ජාත්‍යන්තරය හමුවේ ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

Share This