චීනය යුද අභ්‍යාසයක් අරඹයි

චීනය යුද අභ්‍යාසයක් අරඹයි

දකුණු චීන මුහුදු ප්‍රදේශයේ දී චීනය විසින් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු දිග හයිනාන් ප්‍රාන්තය සහ වියට්නාමය අතර කලාපයක මෙම යුද අභ්‍යාසය සිදුකරන බවයි.

මාර්තු 15 දක්වා මෙම ප්‍රදේශය මගහැර ගමන් කරන ලෙස සියලුම නාවික යාත්‍රාවලට චීනය විසින් විශේෂ දැනුම්දීමක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීනය විසින් සිය අනන්‍ය සාගර ආර්ථික කලාපය තුළ ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට වියට්නාමය පසුගිය කාලසීමාවේ දිගින් දිගටම චෝදනා කළා.

චීනය දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නේ 1982 සාගර නීතිය පිළිබද ප්‍රඥප්තියට පටහැනිව බව කලාපයේ රටවල් ගණනාවක අදහස වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This