චීනය රුසියාවේ මිතුරෙකුට දොර අරියි

චීනය රුසියාවේ මිතුරෙකුට දොර අරියි

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාශෙන්කො සංචාරයක් සඳහා චීනයට පැමිණ තිබෙනවා.

දින 03 ක සංචාරයකින් අනතුරුව බෙලරූස් නායකයා අද (02) යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති සී ජින් පින් ද හමුවු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී ආයෝජන හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නායකයින්ගේ අවධානය යොමු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාශෙන්කොගේ මෙම චීන සංචාරය කෙරෙහි ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඊට හේතුව වන්නේ රුසියාවට කුමන ආකාරයකින් හෝ යුද්ධය සඳහා සහය ලබානොදෙන ලෙස අමෙරිකාව චීනයට අනතුරු අඟවා ඇති පසුබිමක් තුළ බෙලරූස් නායකයා චීනයට පැමිණීමයි.

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාශෙන්කො යනු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයෙකු වනවා.

බෙලරූස් රාජ්‍යය දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද යැපෙන්නේ රුසියාවෙන් බවයි ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ.

එමෙන්ම යුක්‍රේන යුද්ධයේදී බෙලරූස් රාජ්‍යය අඛණ්ඩව රුසියාවට සහය ලබාදෙමින් සිටිනවා.

Share This