චීනය ලඩාක් ප්‍රාන්තයට බැලුම් හෙළන බවට චෝදනා

චීනය ලඩාක් ප්‍රාන්තයට බැලුම් හෙළන බවට චෝදනා

චීනය ඉන්දියාවේ ලඩාක් ප්‍රාන්තය ආසන්නයේ අසාමාන්‍ය ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සැකකටයුතු ලෙස හැසිරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීනය පසුගියදා මෙම ප්‍රදේශයේ පිහිටි චේහෂිපැන්ගොං විල හරහා පාලමක් ඉදිකළ අතර ඉන්දීය දේශසීමාව ආසන්නයේම ජංගම දුරකතන කුළුණු ද සවි කර ඇති බව ඉන්දියාවේ චුෂුල් කලාපයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර තිබුණා.

චුෂුල් කවුන්සිලයේ නිලධාරියෙකු වන කොන්චොක් ස්ටැන්සින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය භූමියට ඉතා ආසන්නව චීනයේ උණු දිය උල්පත අසල ජංගම දුරකතන කුළුණු තුනක් ස්ථාපිත කර ඇති බවයි.

එම ප්‍රදේශය ඉතා අඩු ජනගහනයක් වෙසෙන කලාපයක් බවත් එහි 4ජී තාක්ෂණ‍යෙන් යුත් ජංගම දුරකතන කුළුණු 03 ක් ස්ථාපිත කිරීම සැකසහිත බවත් ඔහු පෙන්වාදෙනවා.

මෙම කුළුණු ,ඉන්දීය භූමි ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සහ තොරතුරු සන්නිවේදනය කිරීමට භාවිතා කරන ඒවා බවට සැකයක් ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Share This