චීනය Shijian-25 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කරයි

චීනය Shijian-25 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කරයි

චීනය සිය නවතම චන්ද්‍රිකාව වන Shijian-25, සාර්ථකව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන්, අද (7) අලුයම 04:00ට Shijian-25 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කිරීම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වීමත් සමඟ එය අභ්‍යවකාශගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇති බව දැනුම් දී තිබෙනවා.

අභ්‍යවකාශ චන්ද්‍රිකා සඳහා ඉන්ධන නැවත පිරවීම සහ ඒවායේ ආයු කාලය දීර්ඝ කිරීමේ සේවා තාක්ෂණයන් සත්‍යාපනය කිරීම වෙනුවෙන් මෙම Shijian-25 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට නියමිතයි.

මෙය Long March ප්‍රවාහක රොකට් යානාවන් හි 555 වන ගුවන් ගමන වනවා.

Share This