චීන අමෙරිකා වෙළෙඳ යුද්ධය උත්සන්න මට්ටමක

චීන අමෙරිකා වෙළෙඳ යුද්ධය උත්සන්න මට්ටමක

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය තීරුබදු ඉහළ දැමීම සම්බන්ධයෙන් චීනය අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන බදු 125% දක්වා ඉහළ නංවා තිබෙනවා.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා ඇති බව සඳහන්.

චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ කළේ, චීන ආනයන මත පැන වූ සමස්ත තීරු බද්ද 145%ක් වන බවයි.

ඒ අනුව ඊට ප්‍රතිචාර වශයෙන් චීනය අද (11) මෙම මෙම නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Share This