චීන අර්ධ සන්නායක කර්මාන්තය ගැන අමෙරිකානු විමර්ශනයට චීනයේ විරුද්ධත්වය
අර්ධ සන්නායක කර්මාන්තය සඳහා චීනයේ ප්‍රතිපත්ති පිළිබඳව අමෙරිකාවේ 301 වගන්තිය විමර්ශනය සම්බන්ධයෙන් චීනය සිය අසතුට පළ කරමින් ඊට දැඩි ලෙස විරුද්ධත්වය පළ කර තිබෙනවා.
අදාළ විමර්ශනය ගෝලීය අර්ධ සන්නායක කාර්මික සහ සැපයුම් දාම කඩාකප්පල් කර විකෘති කරනු ඇති අතර අමෙරිකාවේ ව්‍යාපාර සහ පාරිභෝගික අවශ්‍යතාවලට හානි කරනු ඇති බවයි චීන වාණිජ අමාත්‍යංශයේ අදහස වී ඇත්තේ.
ඔවුන් පවසන්නේ චිප්ස් සහ විද්‍යා පනත වැනි නීති මගින් අමෙරිකාව තමන්ගේම චිප් කර්මාන්තයට සැලකිය යුතු සහනාධාර ලබා දී ඇති බවයි.
එරට අර්ධ සන්නායක සමාගම් ගෝලීය වෙළපොලෙන් ආසන්න වශයෙන් 50%ක් පමණ වන අතර සංසන්දනය කිරීමේ දී චීනයේ නිෂ්පාදිත චිප්, ඇමරිකානු වෙළඳපොල කොටසින් 1.3%ක් පමණක් වනවා.
අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ මෑත වාර්තාවක් උපුටා දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය පැවසුවේ එරටට චීනයෙන් චිප් ආනයනය අමෙරිකාවේ අපනයනය කිරීමට වඩා සැලකිය යුතු ලෙස අඩු බවයි.
අදාළ කරුණු සහ බහුපාර්ශ්වික නීතිවලට ගරු කරන ලෙසත්, එහි වැරදි භාවිතයන් වහා නතර කරන ලෙසත් චීනය අමෙරිකාවෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම මෙම විමර්ශනයේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන අතර තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.