චීන ආර්ථිකයත් අර්බුදයක

චීන ආර්ථිකයත් අර්බුදයක

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය ද අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ ආනයන සහ අපනයන ඉකුත් මාසයේ අපේක්ෂිත වේගයට වඩා බෙහෙවින් පහත වැටී ඇති බවයි.

පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉකුත් මාසයේදී චීනයේ අපනයන 14.5% කින් පහළ වැටී ඇති බව එරට නිල සංඛ්‍යාලේඛන පෙන්වාදෙනවා.

එමෙන්ම ආනයනය 12.4% කින් පහත වැටී ඇති බව සඳහන්.

ඒ අනුව චීනයේ ආර්ථික වර්ධනය මෙම වසරේ තවදුරටත් මන්දගාමී විය හැකි බවටයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත්තේ.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් අනතුරුව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින චීනයට මෙම තත්ත්වය හමුවේ වඩා වැඩි පීඩනයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෝකයේ අනෙකුත් රටවල ජීවන වියදම ඉහළ යාම සහ අධික ණය බර චීනයේ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමෙන් බලපෑමක් ඇති කර ඇති බව සඳහන්.

Share This