චීන ජනපති සහ රුසියානු ජනපති අතර හමුව ඇරඹේ

චීන ජනපති සහ රුසියානු ජනපති අතර හමුව ඇරඹේ

චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් අතර ද්විපාර්ශ්වික හමුව බීජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

BRI සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මේ වනවිට චීනයේ බීජිං වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

ව්ලැඩිමීර් පුටින් සමග සීමා රහිත මිත්‍රත්වයක් ඇති බවද චීන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා

රුසියාව සහ චීනය සහ ලෝකයේ බහුතර රාජ්‍යයන් අන්‍යෝන්‍ය සහයෝගීතාව, විස්තීර්ණ සහ තිරසාර ආර්ථික ප්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා අපේක්ෂාවන් බෙදාහදා ගන්නා බවද චීන ජනාධිපතිවරයා පවසනවා

Share This