චීන ජනාධිපති වසර පහකට පසු දකුණු අප්‍රිකාවට

චීන ජනාධිපති වසර පහකට පසු දකුණු අප්‍රිකාවට

චීන ජනාධිපති ෂී ජින්පින් වසර පහකට පසු ඔහුගේ පළමු අප්‍රිකාවේ සංචාරය සඳහා දකුණු අප්‍රිකාවට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චීන ජනාධිපති ෂී ජින්පින් ජොහැන්නස්බර්ග් වෙත පැමිණිමෙන් පසු ජනාධිපති සිරිල් රමපෝසා විසින් පිළිගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මොවුන් දෙදෙනා ප්‍රධාන සමුළුවට පෙර හමුවී ඇති අතර වෙළඳාම සහ බලශක්ති පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමටද අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් බ්‍රික්ස් සමුළුවට සමගාමීව රමෆෝසා මහතා සමග චීන-අප්‍රිකා නායකයින්ගේ සංවාදයේ සම සභාපතිත්වය දරනු ඇති

ඇල්ජීරියාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ ආර්ජන්ටිනාව ඇතුළු රටවල් 20කට වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායමට සම්බන්ධවීමට ඉල්ලුම් කිරීමත් සමග බ්‍රික්ස් සාමාජිකත්වය පිළිබඳ උනන්දුව වැඩිවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙවර සමුළුවේදී නව සාමාජිකයින් ඇතුළත් කර ගන්නේද යන්න පිළිබඳව සොයා බලනු ඇති බවද පැවසෙනවා

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුව සඳහා සියලුම අප්‍රිකානු රාජ්‍යයන් ඇතුළුව රටවල් 69කට ආරාධනා කර තිබෙනවා

Share This