චීන නිලධාරීන් රුසියානු නිලධාරීන් සමග සාකච්ඡා අරඹයි

චීන නිලධාරීන් රුසියානු නිලධාරීන් සමග සාකච්ඡා අරඹයි

චීනයේ විදේශ ප්‍රතිපත්ති නිලධාරි Wang Yi රුසියානු රාජතාන්ත්‍රික නිලධාරී සර්ජි ලැව්රොව් සමග මොස්කව්හිදී සාකච්ඡා පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම මොස්කව් සංචාරයේදී නව ගිවිසුම් ඇති කර ගැනීමට දෙරටම අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Wang Yi රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවන බව ක්‍රෙම්ලිනය තහවුරු කර ඇතත් හමුවෙන වේලාව පිළිබඳව තවමත් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර වෝර්සෝහිදී, ජනාධිපති ජෝ බයිඩන් බුකාරෙස්ට් නවය ලෙස හැඳින්වෙන නෙටෝවේ නැගෙනහිර යුරෝපීය දේශසීමාවේ රටවල නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇති බවත්න්‍යාය පත්‍රයේ ඉහලින්ම යුක්‍රේනයට තවත් ආධාර සැපයීම පිලිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බවත් සඳහන් වනවා

Share This