චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය බෙයිජිංහි දී සැමරේ (VIDEO)

චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය බෙයිජිංහි දී සැමරේ (VIDEO)

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය අද චීනයේ බෙයිජිංහි දී සමරනු ලැබුවා.

බෙයිජිං හි ටියැන්මෙන් චතුරශ්‍ර පරිශ්‍රයේ දී මෙම උත්සවය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ප්‍රධානත්වයෙන්.

“පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය  කරමු” යන්න මෙම උත්සවයේ ප්‍රධාන තේමාව වුණා.

මේ අවස්ථාවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එක්ව සිටීම විශේෂයි.

හමුදා ආචාර නිරීක්ෂණ පෙළපාලිය සහ හමුදා පෙළපාලිය යන අදියර දෙකකින් සමන්විත වූ මෙම උත්සවය අද ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක්ව තිබුණා.

වසර 14ක් පුරා පැවති ඉතා දුෂ්කර අරගලයකින් පසු, චීන ජාතිය ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයෙන් ද සම්පූර්ණ ජය ලැබුවා.

Share This