චීන යාත්‍රාවක් සහ පිලිපීන සැපයුම් නෞකාවක් දකුණු චීන මුහුදේදී ගැටෙයි

චීන යාත්‍රාවක් සහ පිලිපීන සැපයුම් නෞකාවක් දකුණු චීන මුහුදේදී ගැටෙයි

චීන යාත්‍රාවක් සහ පිලිපීන සැපයුම් නෞකාවක් දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ස්ප්‍රැට්ලි දූපත්වලදී එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් චීනය විසින් පිලිපීනයට දෝෂාරෝපණ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙර සිදු කරන ලද අනතුරු ඇඟවීම් නිවේදන නොතකා අදාළ පිලිපීන යාත්‍රාව මුහුදු සීමාවට ඇතුළු කළ බවට චීනය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පිලිපීන රජය විසින් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නැහැ.

මතභේදයට තුඩු දී ඇති ස්ප්‍රැට්ලි දූපත් ආශ්‍රිතව චීනය සහ පිලිපීනය නිතර ගැටුම් ඇති කර ගෙන ඇති අතර එම දූපත සුවිශේෂී ආර්ථික කලාපයට අයත් වන එකක් වන බව සඳහන්.

Share This