
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට
චීන චිත්‍රපට කර්මාන්ත ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින්, 2025 වසරේ චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම මේවන විට යුවාන් බිලියන 10 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහිදී ” Ne Zha 2″ චිත්‍රපටය යුවාන් බිලියන 3.8 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට ආසන්න ආදායමක් ද ඉපැයීමට සමත් වෙමින් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙය ඓතිහාසික වාර්තාවක් බව චීන ජාතික චිත්‍රපට පරිපාලන වාර්තා පෙන්වා දී තිබෙනවා.
මේ වන විට, මෙම වසරේ චීනයේ ප්‍රදර්ශනය කෙරුණු සමස්ත චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම උතුරු ඇමරිකාවේ බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ගෝලීය ශ්‍රේණිගත කිරීම් අතර ද පෙරමුණ ගෙන තිබීම ද විශේෂත්වයක්.