චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව යුරෝපා සංගමයේ අනීතික ක්‍රියාවන්ට විරෝධය දක්වන චීනය

චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව යුරෝපා සංගමයේ අනීතික ක්‍රියාවන්ට විරෝධය දක්වන චීනය

යුරෝපා සංගමය චීන ව්‍යවසායයන්ට හා පුද්ගලයන්ට එරෙහිව පදනම් විරහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර නීතිය මත පදනම් නොවී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට තරයේ ම විරුද්ධ වන බවයි චීනය පවසන්නේ.

එබැවින් නිසි පියවර ගෙන චීන ව්‍යවසායයන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩිව ආරක්ෂා කිරීමට චීනය සූදානම් බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ යුරෝපා සංගමය ඉකුත් 24 වැනි දා රුසියාවට එරෙහිව 16 වැනි වටයේ සම්බාධක පැනවීමේ ලැයිස්තුවට ඇතැම් චීන ව්‍යවසායයන් හා පුද්ගලයන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

Share This