චීන විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3.2659 දක්වා ඉහළට
මෙම වසරේ නොවැම්බර් මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇ.ඩො ට්‍රිලියන 3.2659ක් වූ බව එරට නිල දත්ත වාර්තාවල සඳහන් වනවා.
එය ඔක්තෝබර් මස අග සිට ඩොලර් බිලියන 4.8 කින් නොහොත් 1.15%කින් ඉහළ යාමක් බවයි පැවසෙන්නේ.
විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ ප්රකාශනය සඳහන් කළේ, ප්‍රධාන ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති, වෙළඳපොල අපේක්ෂාවන් සහ සාර්ව ආර්ථික දත්ත මගින් බලපෑමට ලක් වූයේ ඇමරිකානු ඩොලර් දර්ශකය සහ ගෝලීය මූල්‍ය වත්කම් මිල යන දර්ශක පසුගිය මාසයේ ඉහළ යාම හේතුවෙන් බවයි.
මුදල් පරිවර්තනය සහ වත්කම් මිලෙහි වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් චීනයේ විදේශ විනිමය සංචිත පසුගිය මාසයේ දී ප්‍රසාරණය වූ බව එම නිවේදනයේ සඳහන්.
චීනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් වෙමින් පැවතීමත්, වෙළඳපොල විශ්වාසය ද වැඩිදියුණු වෙමින් පැවතීමත්, රට තුළ විදේශ විනිමය සංචිතවල ස්ථායී පරිමාණය පවත්වා ගැනීමට උපකාරී වන බව චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.