චෙක් ජනරජයේදී දුම්රිය දෙකක් ගැටෙයි

චෙක් ජනරජයේදී දුම්රිය දෙකක් ගැටෙයි

චෙක් ජනරජයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගී දුම්රියේ පුද්ගලයින් 380 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්.

කෙසේවෙතත් දුම්රිය දෙකෙහිම රියදුරන් දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

Share This