ජකර්තා ලෝකයේ වඩාත්ම දූෂිත නගර 10 අතරට – ජනතාවට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස්

ජකර්තා ලෝකයේ වඩාත්ම දූෂිත නගර 10 අතරට – ජනතාවට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස්

ඉන්දුනීසියානු අගනගරය වන ජකර්තා හි ,පසුගිය සතියේ සෑම දිනකම පාහේ ගෝලීය ප්‍රස්ථාරවල වඩාත්ම දූෂිත නගරය ලෙස ශ්‍රේණිගත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

දිගු කලක් වායු දූෂණය සමග එරට ජනතාව ජිවත්වන අතර සියලුම සිවිල් සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස ජනාධිපති ජෝකෝ විඩෝඩෝ දැනුම්දී ඇති බවද සඳහන් වනවා.

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව තාක්‍ෂණ සමාගමක් වන IQAir හි සජීවී දත්ත වලට අනුව, පසුගිය සතියේ, ජකර්තා විසින් PM2.5 ලෙස හඳුන්වන වායු දූෂණ අංශු සාන්ද්‍රණය රියාද්, දෝහා සහ ලාහෝර් වැනි දූෂිත නගරද අභිබවා ගොස් ඇති බව පවසා තිබෙනවා

ජකර්තා පසුගිය මැයි මාසයේ සිට ගෝලීය වශයෙන් වඩාත්ම දූෂිත නගර10 අතරට නිරන්තරයෙන් ශ්‍රේණිගත කර ඇති අතර අගනුවර සහ ඒ අවට ප්‍රදේශයේ මිලියන 30 ක පමණ ජනතාවක් වාසය කරන බවද පැවසෙනවා

දැනටමත් ඇදුම රෝගය ,ක්ෂය රෝගය වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන අයගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති විඩෝඩෝ ජකර්තා හි කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහාද අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ

වාහනවලින් පිටවන දුම් නිසාද පරිසර දූෂණය වැඩිවී ඇති අතර ඉක්මනින් වාහන පිළිබඳ අහඹු පරීක්‍ෂණ සිදු කර රියදුරන්ට තම වාහන දුම් පරීක්‍ෂණවලට ලක් කිරීමට පළාත් පාලන ආයතන නිලධාරීන් උපදෙස් ද දී තිබෙනවා

Share This