ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි තවත් ක්‍රමයක් ජනපති කියයි (VIDEO)

ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි තවත් ක්‍රමයක් ජනපති කියයි (VIDEO)

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ සෙරින් රිවර් පාර්ක් පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සවයට එක් වෙමින්

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබෙනවා

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති බව සඳහන්

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල, වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ද ක්‍රියාත්මක කිරීමටද නියමිත බව සඳහන්

Share This