ජනතා නීතීඥයෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (වීඩියෝ)
පාස්කු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ ප්රගතිය සොයා බැලීම සඳහා ඊයේ (18) ජනතා නීතීඥයෝ සංවිධානය එම දෙපාර්තමේන්තුවට පැමිණියා.
එහිදී ඔවුන් පැවසුවේ අදාල පැමිණිල්ල ඉදිරිපත් කර වසරක කාලයක් ගතවුවත් ඒ පිළිබඳව කිසිිවක් සිදු නොවීම කණගාටුදායක තත්ත්වයක් බවයි.
පාස්කු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සමඟ ඉකුත් වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජනතා නීතීඥයෝ සංවිධානය පවසනවා.
මේ අතර පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරය මෙහෙයවූ සහරාන් හෂීන් පිළිබඳ නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුලු චෝදනා යටතේ කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනිම වලක්වන අතුරු නියෝගයක් නිකුතු කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ ශ්රේස්තධිකරණයට මූලික අයිතිවාසිකිම් පෙත්සමක් ගොනු කළා.
සහරාන්ගේ බිරිඳගේ නිවසට ගිය පරීක්ෂණ කණ්ඩායමට එම පරීක්ෂණ නිසි ලෙසකිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිටි තමන් උපදෙස් නොදුන් බවට කුලියාපටිය මහේස්ත්රාත් අධිකරණයට ඉකුත් පෙබරවාරි 10 වන දා බී වාර්තාවක් ඉදිරිපත් වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව පෙත්සම්කාර ශානි අබේසේකර මහතා අදාල පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
එම වාර්තා මත තමන් කවර හෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකි බවටයි මෙම පෙත්සම මගින් දක්වා ඇත්තේ.