ජනපතිගේ කප්පාදු සැලැස්මට එරෙහිව ආර්ජන්ටිනාවේ විරෝධතා

ජනපතිගේ කප්පාදු සැලැස්මට එරෙහිව ආර්ජන්ටිනාවේ විරෝධතා

නව ආර්ජන්ටිනා ආණ්ඩුවේ ආර්ථික කම්පන ප්‍රතිපත්තිවලට එරෙහිව Buenos Airesහි විරෝධතා දක්වමින් දහස් සංඛ්‍යාත ජනතාව වීථි බැස තිබෙනවා

ජනාධිපති Javier Milei වියදම් කප්පාදුව සහ දරුණු මුදල් අවප්‍රමාණය කිරීමක් ඇතුළත් පියවර නිවේදනය කිරීමෙන් පසු මෙම විරෝධතා ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ

අපනයන සීමාවන් අවසන් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ නියෝගයකට ද එරට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබෙනවා

පාගමන මෙහෙයවනු ලැබුවේ රැකියා විරහිතයන් නියෝජනය කරන කණ්ඩායම් විසිනි.න බවත් විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරීම වැළැක්වීමට පොලිසිය විශාල වශයෙන් යොදවා තිබුණු බවත් විදෙස් මාධ්‍ය පවසනවා

සති දෙකකටත් අඩු කාලයකට පෙර බලයට පත් වූ ජනාධිපති Javier Milei කඩාකප්පල්කාරී විරෝධතාවලින් තම සැලසුම් ව්‍යර්ථ කිරීමට උත්සාහ කරන ඕනෑම කණ්ඩායමකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද සහතික වී තිබෙනවා

එමෙන්ම මාර්ග අවහිර කළ පුද්ගලයින්ට රාජ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ අයිතිය අහිමි විය හැකි බවද පවසා ඇති බවයි වාර්තා වන්නේ .

Share This