
ජනපතිට එරෙහි අසත්‍ය ප්‍රකාශය ගැන CID විමර්ශන ඇරඹෙයි
ජනාධිපතිවරයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ ප්‍රකාශය සිදුකළ තුසිත හල්ඔළුව නමැත්තාට හෙට (07) පෙරවරු 10.00ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ.
අදාළ ප්‍රකාශය හරහා මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.