ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් (09) අවසන් වනවා

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ

එමෙන්ම මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සියලු දෙනාට අද දින ඇතුළත ඒවා ඉදිරිපත් කළ හැකියි.

පසුගිය 06 වැනිදා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අවසන් වීමට නියමිතව තිබූ අතර කොමිෂන් සභාව තීරණය කළේ අද දිනය දක්වා එය දීර්ඝ කිරීමටයි

Share This