ජනපති අනුර පත් වී අදට වසරයි (VIDEO)

ජනපති අනුර පත් වී අදට වසරයි (VIDEO)

ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනතා පරමාධිපත්‍ය බලයෙන් තේරීපත් වී අදට වසරක් සපිරෙනවා.

එම ජයග්‍රහණය සැලකෙන්නේ මෙවර දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී හැරයුම් ලක්ෂයක් හැටියටයි.

ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරීපත් වී අදට වසරක් සම්පූර්ණ වනවා.

2021 වසරේ දෙසැම්බර් 20 වනදා ජාතික ජන බලවේගයේ නායකත්වයට පත්වන අනුර කුමාර දිසානායක මහතා, මාළිමාව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඡන්ද 56,34,915 ක් ලබාගනිමින් ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ මෙරට පාලන තන්ත්‍රයට නව මුහුණුවරක් ලබාදෙමින්.

ජයග්‍රහණයෙන් අනතුරුව පසුගිය වසරේ සැප්තැම්බර් 23 වැනිදා ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නා.

ආදායම් වියදම් පරතරය අඩුකර ගැනීිම, බලයට පත්වී පළමු මාස 06 තුළ පමණක් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3221 දක්වා වර්ධනය කිරීම වැනි කරුණු ඔහු බලයට පත්වීමෙන් අනතුරුව ලැබූ ජයග්‍රහණ ලෙස සැලකිය හැකියි.

සංචාරක ආදායම, විදේශ ආයෝජන, අපනයන සහ රේගු අදායම් යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන වර්ධනයක් ඇති කරගැනීමටද මෙම කාලය තුළ හැකි වී තිබෙනවා.

රාජ්‍ය ව්‍යාපාර ශක්තිමක් කිරිම ජනාධිපතිවරයාගේ මූලික අරමුණක්.

ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය තුළ පරිවර්තන රැසක් සිදුකිරිමටද ඔහු පියවර ගෙන තිබෙනවා.

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් ද මූලිකත්වයක් ලබාදෙමින් කටයුතු කරන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, ජාතික ඒකාබන්ධතාව සහ සංහිදියාව ඇති කිරීම සිය රජයේ අපේක්ෂාව වන බවයි.

Share This