ජනපති අපේක්ෂකයින් ප්‍රචාරක වියදම් වාර්තා තවමත් භාරදී නොමැති බවට අනාවරණයක්

ජනපති අපේක්ෂකයින් ප්‍රචාරක වියදම් වාර්තා තවමත් භාරදී නොමැති බවට අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු බව දන්වා තිබෙනවා.

ඒ අනුව 12 වැනිදායින් පසුව දින කිහිපයක් ඇතුළත එම වියදම් වාර්තා පනතට අනුව මහජන ප්‍රදර්ශනයට තැබීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්.

ප්‍රචාරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම දන්වා සිටින්නේ.

Share This