ජනපති අපේක්ෂක වියදම් වාර්තා ලබාදීමට තිබූ කාලය අද අවසන්

ජනපති අපේක්ෂක වියදම් වාර්තා ලබාදීමට තිබූ කාලය අද අවසන්

2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (13) අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 03.00න පසුව එම කාලය අවසන් වනු ඇති.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අදාළ වියදම් වාර්තා ලබා දිය යුතු වනවා.

කෙසේවෙතත් පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව සඳහන්.

ඒ අනුව සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇති බවටයි මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පළ කරන්නේ.

එමෙන්ම අදාළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව මැතිවරණ වියදම් නියාමන පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී මැතිවරණ කොමිසම පියවර ගනු ඇති.

Share This