ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ( Dr.S.jayashankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල්(Shri Ajith Doval) යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා හමුව තිබෙනවා
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලයේදීයි
එමෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා
මේ අතර ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානයට ලක් කළා
ඒ අනුව මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්.ජයිශංකර්( Dr.S.jayashankar) මහතා කියා සිටියා