
ජනපති – ජපාන සහ ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව මුණගැසේ
ජපාන – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරිගන්වමින් ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළා.
ජනධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපාන – ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රජාව අමතමින්.
විදේශ වෙළෙඳසංවිධන (JETRO) මූලස්ථානයේ දී පැවති මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යාෂ්ඨ සාමාජිකයින් 200 කට ආසන්න පිරිසක් එක්ව සිටියා.
ජපානයේ බාහිර වෙළෙඳ සංවිධානය ,ආර්ථික වෙළෙඳ කර්මාන්ත අමාත්‍යාංශය සමග ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව, සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණා.
මෙහිදී අදහස් දැක් වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ජාතික ඩිජිටල් කරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපාය මාර්ගික මුලපිරීම් පෙන්වා දුන්නා.
දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තන සහ කෘතිම බුද්ධිය () වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථාද පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශ පැවසුවේ මීට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාව දී ඇති ප්‍රධන අංශ වන නිෂ්පාදන ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ,පුනර්ජනනීය බල ශක්තිය , සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී පැහැදිළිකර තිබෙනවා.
එමගින් පැහැදිළි කර ඇත්තේ ශක්තිමත් ප්‍රතිපත්තිමය සහය සහ විධිමත් ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානමයි.
