ජනපති ට්‍රම්ප්ගෙන් රටවල් කිහිපයකට තීරු බදු

ජනපති ට්‍රම්ප්ගෙන් රටවල් කිහිපයකට තීරු බදු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝව සහ චීනයට නව තීරුබදු ප්‍රමාණයක් පනවා ඇති බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් සඳහා 25% තීරු බද්දක් සහ චීනයට 10% තීරු බද්දක් පනවා ඇති බව සඳහන්.

කෙසේවෙතත් ජනපති ට්‍රම්ප් මින් පෙර අවස්ථාවකදී සඳහන් කර සිටියේ කැනේඩියානු තෙල් සඳහා 10% ක අඩු තීරුබදු පැනවීමක් සිදුවන බවත්, එය පසුව පෙබරවාරි 18 වන දින සිට ක්‍රියාත්මක විය හැකි බවයි.

එමෙන්ම අනාගතයේදී යුරෝපීය සංගමයට තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

Share This