
ජනපති පොසොන් පනිවිඩය
ජනපති පොසොන් පනිවිඩය
පොසොන් පොහොය දිනයෙන්, ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහත් ගුණාංගයක් වන්නේ, අවිහිංසාව බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පොසොන් පොහොය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ, මුළු මහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින මෙම කාලවකවානුවේ අවිහිංසාවේ වට්නාකම සියලු හදවත් හි රදවා ගත යුත්කක් බවයි.
පොසොන් පොහොය ශ්‍රී ලාංකීයන්ට අපට සුවිශේෂි වූ සිදුවීම් සමුදායක් සිදුවූ වැදගත් දිනයක් බව, පොසොන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා එමගින් පෙන්වා දෙන්නේ සමාජ පරිවර්ථනයක් සමග අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතුවු මිහිදු මා හිමියන්ගේ ලංකා ගමනය හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් වූ බවයි .
ජනාධිපතිවරයා නිකුත් කළ පොහොසන් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ,මහින්දා ගමනයට හේතුවු අතර තිස්ස නිරිඳු අතින් දුනු හී හිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැලද ගැනීම බවයි.
සරු දේ සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්, දැකිය හැකි ශිෂ්ඨසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන් රටට අවශ්‍ය බවත් ජනපතිවරයා පෙන්වා දෙනවා.
එම චින්තනයන් නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ථාපනය කරමින් රටට අවැසි ආචාර්ධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ඨසම්පන්න රාජ්‍යක් ගොඩනැගීමේ පරම වගකීම තම උරමත පැටවී ඇති බවයි.
එය පොහොසන් දින පණිවුඩයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා.