ජනපති බයිඩ්න් පිළිකාවෙන් නිදහස්

ජනපති බයිඩ්න් පිළිකාවෙන් නිදහස්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නොවන බව ධවල මන්දිරයේ වෛද්‍ය Kevin O’Connor පවසනවා.

පෙබරවාරි මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමෙහි තිබූ සෛල පිළිකාවක් සහිත තුවාලය ඉවත් කළ බැවින් ඔහුට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බවයි ධවල මන්දිරයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සියලුම පිළිකා පටක සාර්ථකව ඉවත් කර ඇති නමුත් ඔහුගේ චර්ම රෝග නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බව සඳහන්.

පසුගිය මාසයේදී වෛද්‍යවරු 80 හැවිරිදි ජෝ බයිඩ්න්ට සිදු කළ ශාරීරික පරීක්ෂණයකින් පසු ඔහු “රාජකාරි කටයුතු සඳහා සුදුසු” බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණා.

Share This