
ජනපති රනිල්ගෙන් පත්වීම් ලැබූ අය
උපාධිධාරීන් 1,706 දෙනෙකු සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුරු පත්වීම් ලබාදී තිබෙනවා.
ඊට අමතරව ඉංග්‍රීසී ඩිප්ලෝමාධාරීන් 453 දෙනෙකු සඳහා ද ජාතික පාසල් ගුරු පත්වීම් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (03) පෙරවරුවේ මෙම පත්වීම් ප්රදානය සිදුකර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා ද පත්වීම් ලබාදීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.