ජනපති ලේකම් සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක වැඩසටහන බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත්, වංචා දුෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීම සහ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පළාත් පාලන ආයතන පිළිබඳව බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය ඉතා වැදගත් බවයි Andrew Patrick මහතා පෙන්වාදී ඇත්තේ.
අදාළ ක්‍රමවේදය තුළින් වංචා, දූෂණ අවම කර ගැනීමට හැකියාව පවතින අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.