
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පිනී කවිතා ක්‍රිෂ්ණමූර්ති ඇතුලු සංගීත ශිල්පීන් අගෝස්තු 15 නෙළුම් පොකුණේ (VIDEO)
නෙලුම් පොකුන රඟහලේ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන බොලිවුඩ් ඇන්ඩ් බියෝන්ඩ් ප්‍රසංගයට සහභාගී වීම සඳහා ප්‍රවීන හා ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී පද්ම ශ්‍රී කවිතා ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහත්මිය ඊයේ දිවයිනට පැමිණියා.
මෙම ප්‍රසංගය සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබන්නේ ඊ එෆ් එම් ගුවන්විදුලිය හා ස්වර්ණවාහිනියයි.
ප්‍රවීන හා ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී පද්ම ශ්‍රී කවිතාා ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහත්මිය ඊයේ දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන් තොටුපලේදී ඇය උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.
ඇය සමඟ ඉන්දීය වයලීනයේ පියා ලෙස සැලකෙන පද්ම භූෂණ ආචාර්ය එල්. සුබ්‍රමනියම් මහතා ද දිවයිනට පැමිණියා.
ඔවුන් එලෙස මෙරට පැමිණියේ ලබන 15 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී ස්වර්ණවාහිනී හා ඊ එෆ් පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන බොලිවුඩ් ඇන්ඩ් බියෝන්ඩ් ප්‍රසංගයට එක්වීම වීම සඳහායි.
අගෝස්තු 15 වැනිදාට යෙදෙන ඉන්දීය නිදහස් දිනයට සමගාමීව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව සිද්ධි විනායක් සිනෙ ආර්ට්ස් සමාගම මෙම ප්‍රසංගය සංවිධාන කර තිබෙනවා.
90 දශකයේ හින්දි ගීත රසිකයන් අතර මහත් ජනාදරයට පත් ප්‍රවීන හා ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී පද්ම ශ්‍රී කවිතා ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහත්මිය ජනප්‍රිය චිත්‍රපට ගීත රැසකට තම හඬ මුසුකර තිබෙනවා.