ජනප්‍රිය චරිතවලට දැනෙන ආතතිය ජීවිතය හානි කර ගැනීමට ඇති අවදානමක්ද ?

ජනප්‍රිය චරිතවලට දැනෙන ආතතිය ජීවිතය හානි කර ගැනීමට ඇති අවදානමක්ද ?

K-pop තරුවක් වන Moonbin මිය යාමෙන් පසු ඔහුගේ රසිකයන් අවසන් ගෞරව දැක්වීමට මල් සහ ඉටිපන්දම් රැගෙන පැමිණි අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

25 හැවිරිදි Moonbin ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Astro සංගීත කණ්ඩායමේ සාමාජිකක් ලෙසයි කටයුතු කරනු ලැබුවේ

ඔහුගේ සෝල් හි පිහිටි මහල් නිවාසයේදී සියදිවි නසා ගෙන තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ.

කෙසේවෙතත් මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

K-pop තරුව Moonbin ගේ මරණයෙන් පසු මෙවැනි ප්‍රසිද්ධ චරිත මුහුණ දෙන පීඩනය සහ ඔවුන්ගේ ජීවිත අහිමිවීම් පිළිබඳව නැවතත් ලොව පුරා අවධානය යොමු වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම දකුණු කොරියාවේ මෙවැනි චරිත ගණනාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර ඒ අනුව 26 හැවිරිදි නිළියක් වූ Jung Chae-yull මේ මස මුලදී ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා

එමෙන්ම නිළියක වන Yoo Joo-eun වයස අවුරුදු 27 දී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ජීවිතක්ෂයට පත්වුණා

F(x) කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු වන Sulli 2019 වසරේ දී මියගොස් ඇති අතර ඇය මියගොස් තිබුණේ අන්තර්ජාලයෙන් සිදුවූ හිරිහැර කිරීම් වලින් පසුවයි
ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 25 ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ

ඒ වගේම K-pop තරුවක් වන Sulliගේ සමීප මිතුරියක වන Goo Hara ,ඇගේ මරණයෙන් මාසයකට පසු නිවසේ මියගොස් සිටියදී සොයා ගැනුණා

ජනප්‍රිය චරිතවලට දැනෙන දැඩි ආතතිය නිසා දකුණු කොරියාව වැනි සංවර්ධිත රටවල් අතර තරුණ සියදිවි නසාගැනීම ඉහළ අගයක් ගන්නා බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This