ජනප්‍රිය ඉන්දීය නළු විජයකාන්ත් ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නළු විජයකාන්ත් ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නළු විජයකාන්ත් චෙන්නායිහි දී අසනීප තත්ත්වයකින් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ඔහු DMDK පක්ෂයේ නිර්මාතෘ මෙන්ම එහි නායකයාද වනවා

මිය යනවිට ඔහු 71 හැවිරිදි වියේ පසුවූ බවද සඳහන්

දේහය ඔහුගේ නිවසට ගෙනවිත් ඇති අතර පසුව DMDK කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත බවද වාර්තා වනවා

‘කැප්ටන්’ ලෙසින් හැඳින්වෙන විජයකාන්ත්ගේ ජීවිතය දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් සනිටුහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ .

ඔහු දේශපාලනයට පිවිසීමට පෙර චිත්‍රපට 154කට රංගනයෙන් දායක වී තිබෙනවා

විජයකාන්ත් දකුණු චිත්‍රපට කර්මාන්තයේ විප්ලවීය වෙනස්කම් ඇති කර ඇති අතර ඔහු 2005 වසරේ දී Desiya Murpokku Dravida Kazgam පක්ෂය ආරම්භ කරනු ලැබුවා .

විජයකාන්ත් 2011-2016 කාලයේ තමිල්නාඩු සභාවේ විපක්ෂ නායකයා ලෙසද කටයුතු කර තිබෙනවා

Share This