
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වනදා මැතිවරණ කොමිසමට හිමිවන අතර නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීමෙන් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවයි එම කොමිසම සඳහන් කළේ.
එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කර ගැනීමට ද නියමිතව තිබෙනවා.
මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17ක පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබනු ඇති.