ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති බැවින් එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අදාළ පෙත්සමකරුට එරෙහිව රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර ඇති බව සඳහන්.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

Share This