
ජර්මන් ජනපති සහ ශ්‍රී ලංකා ජනපති හමුව අද පස්වරුවේ
ජනාධිපති අනුර ජර්මනියට ළගාවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පෙරවරුවේ බර්ලින් බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල පිළිගැනීමේ උත්සවය අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වු මාලිගයේදී පැවැත්වීමට නියමිතයි.
එම උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ස්ටේන්මියර් මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරයට ජනාධිපතිතුමා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද පස්වරුවේ,ජර්මන් ජනාධිපති හමුවීමට නියමිතයි.