ජනාධිපති අනුර සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්

ජනාධිපති අනුර සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදුව තිබෙනවා

එහිදී පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක් කළා.

එමෙන්ම ආර්ථික සහයෝගීතාවල කෘෂිකර්මය හා ඩිජිටල්කරණය ආදී විෂයයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා

අනතුරුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතරද හමුවක් පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ

Share This