
ජනාධිපති නිල කාලය සම්බන්ධ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 08 වනදා සලකා බැලීමට නියමිතයි.